― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකුඩු සළිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණ නියෝගයක්

කුඩු සළිඳුගේ ජීවිත ආරක්ෂාව ගැන අධිකරණ නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සලිදු මල්ෂික ගුණරත්න හෙවත් කුඩු සලිඳු නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනු කර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

ඒ අනුව එම විරෝධතා අප්‍රේල් මස 4 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළා.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබුවා.