― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පවතින තත්ත්වය හමුවේ නියමිත දිනට මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි මැතිවරණ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු මාර්තු මස 28 වැනිදා සිට 31 වැනිදා දක්වා සිදුකිරීමට නියමිත අතර මැතිවරණය අප්‍රේල් 25 වන දින පැවැත්වීමට දින නියම කර තිබේ.

කෙසේවෙතත් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනට ලබාදීමට නොහැකි බව රජයේ මුද්‍රණාලය විසින් දැනුම් දී ඇති බැවින් අදාළ දිනයන්වල මැතිවරණය පැවැත්වීම ගැටලු සහගත වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසන්නේ.

ඒ අනුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් ලබන 23 වන දින මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබේ. එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.