― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportමෙරට යොවුන් ක්‍රීඩක විජයකාන්ත්ට IPL ඇරයුමක්

මෙරට යොවුන් ක්‍රීඩක විජයකාන්ත්ට IPL ඇරයුමක්

මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 IPL තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා.

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන වියස්කාන්ත්ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුවීම් අතර තුර නෙට් පන්දු යවන්නෙක් ලෙස කටයුතු කිරීමටයි අවස්ථාව හිමිව ඇත්තේ.

මේ අතර වියස්කාන්ත් විජයකාන්ත්ගේ ප්‍රියතම ක්‍රීඩකයා වන ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක රවීචන්ද්‍රන් අශ්වින් යටතේ ද කටයුතු කිරීමට මෙවර තරගාවලියේ දී ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා.

මෙවර තරගාවලිය තුළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර සංගක්කාර කටයුතු කරන අතර වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.