31 C
Colombo
Monday, April 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගයට අනුකූලව කටයුතු කළ ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.