28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොරොච්චෝලේ හදන්න දින 12ක් ඉල්ලයි

නොරොච්චෝලේ හදන්න දින 12ක් ඉල්ලයි

නොරොච්චෝලේ බලාගාරයේ බිඳ වැටී ඇති තුන්වැනි ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා දින 12 ක් පමණ ගත වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම යන්ත්‍රයේ බොයිලේරුවේ ජල බට පුපුරා යාමෙන් එය බිඳ වැටී ඇති බවත් මේ වනවිට එම යන්ත්‍රයේ ඇති අධික රස්නය හේතුවෙන් එය අලුත්වැඩියා කිරීමට හැකියාවක් නොමැති බවත් එහි සාමාන්‍යාධිකාරි රෝහාන් සෙනෙවිරත්න සඳහන් කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ, ලබන අප්‍රේල් මාසයේදී තුන්වැනි ජනන යන්ත්‍රයේ නඩත්තුවක් කිරීමට සැලසුම් කර තිබූ බවයි.