ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල ලබා ගැනීම සදහා ඉන්දීය රජය දැක්වූ සහයෝගය අගය කරමින් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මියට සිය ප්‍රසාදය පළකර තිබෙනවා.
ඒ ඊයේ (21) නවදිල්ලි නුවරදී ඇය මුණ ගැසෙමින්.
වත්මන් ආර්ථික අර්බුදය විසදා ගැනීම සදහා ඉන්දීය රජය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබා දෙන බව මෙහිදී අමාත්‍ය සීතාරාමන් පැවසූ බව සදහන්.