31.1 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදුම්රිය ස්ථානයේ දර්ශන තිරයේ අසැබි වීඩියෝවක් විකාශය වෙලා

දුම්රිය ස්ථානයේ දර්ශන තිරයේ අසැබි වීඩියෝවක් විකාශය වෙලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පට්නා දුම්රිය ස්ථානයේ සවි කර ඇති සියලු දර්ශන තිර මත පසුගියදා (20) රාත්‍රියේ අසැබි වීඩියෝ පටයක් ප්‍රචාරය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම වීඩියෝ පටය අඛණ්ඩව මිනිත්තු 3ක කාලයක් තිරගත වී ඇති අතර සුපුරුදු පරිදි වෙළෙඳ දැන්වීම් වෙනුවට හදිසියේම අසැබි චිත්‍රපටයක් තිරගත වීමෙන් දුම්රිය ස්ථානයේ සිටි මගීන් දැඩි අපහසුතාවට හා විමතියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කාර්යබහුල දුම්රිය ස්ථානයක් වන පට්නා දුම්රිය ස්ථානයේ ඒ මොහොතේ වැඩිහිටියන්, කාන්තාවන් සහ දරුවන් විශාල පිරිසක් සිට ඇති අතර වහාම ක්‍රියාත්මක වූ මගීන් දුම්රිය පොලිසියට, දුම්රිය ආරක්ෂක බළකායට මේ බව පැමිණිලි කර තිබේ.

ඒ අනුව දුම්රිය ස්ථානයේ දර්ශන තිර මත දැන්වීම් ප්‍රචාරය කිරීමේ වගකීම දරන එරට පොද්ගලික සන්නිවේදන ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කිරීමටත්, එම ආයතනය අසාධු ලේඛනගත කිරීමටත් දුම්රිය අධිකාරිය පියවර ගෙන තිබේ.