31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජුනි මාසයේ සිට භාවිතය තහනම් වන ප්ලාස්ටික්

ජුනි මාසයේ සිට භාවිතය තහනම් වන ප්ලාස්ටික්

විදේශ රටවලින් ආනයනය කරන ප්ලාස්ටික් නිෂ්පාදන 5ක් භාවිතය තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ පැවසීය.

ලේකම්වරයා මේ බව කියා සිටියේ මීගමුවේ පැවති උත්සවයක් අමතමිනි

ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ලේකම්වරයා එහිදී කියා සිටියේ.

ඒ අනුව ජූනි මාසයේ සිට ප්ලාස්ටික් කෝප්ප, හැඳි, පිඟන්, ගෑරුප්පු, මල්මාලා සහ පැදුරු භාවිතය තහනම් කෙරෙනු ඇත.

ඉල්ලුමට වඩා වැඩි පිලාස්ටික් තොගයක් දැනටමත් රට තුළ පවතින බැවින් පරිසර අමාත්‍යාංශය විසින් ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා කිරීමට නියමිත බව වාර්තා වේ.