2022 වසරේදී කැනඩාවේ ජනගහනය වාර්තාගත ලෙස වර්ධනය වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එරට නවතම දත්තවල දැක්වෙන්නේ පසුගිය වසරේදී එරට ජනගහනයට මිලියන 1.05ක් එක්වී ඇති බවත් ඉන් බහුතරයක් 95.9%ක් සංක්‍රමණිකයින් බවත්ය.
වසරක් තුළදී කැනඩාවේ ජනගහනය මිලියනයකට වැඩි ගණනකින් වැඩිවී ඇත්තේ එරට ඉතිහාසයේ පළමු වරට වන අතර මේ වනවිට කැනඩාවේ ජනගහනය මිලියන 39.5ක් ලෙසයි දැක්වෙන්නේ.