සංචාරකයින්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් වාර්තා වන බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව මෙම මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා සංචාරකයින් 84,000ක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.
මේ වර්ෂයේ පළමු මාස 3 තුළ තුන්ලක්ෂ තිස්දාසක් ඉක්මවා සංචාරකයින් මෙරටට පැමිණ බවයි සංචාරක අධිකාරියේ දත්ත වාර්තා පෙන්වා දෙන්නේ.