29.5 C
Colombo
Tuesday, June 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටාටාට විකිණු එයාර් ඉන්දියා

ටාටාට විකිණු එයාර් ඉන්දියා

ඊයේ එනම්, (27) දින ඉන්දීය ජාතික ගුවන්සේවය වන “air india” සමාගම ටාටා සමුහයට පවරා දුන්බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වාර්ෂිකව දිගින් දිගටම පාඩු ලබන එම ගුවන් සමාගමේ පාඩුව ඩොලර් බිලියන 9.5ක් පමණ වෙයි.ණය කන්දරාවක ගිලී තිබූ එම ගුවන්සේවය මිලදී ගැනීමට ටාටා සමාගම ඩොලර් බිලියන 2.4ක මුදලක් ඉන්දීය රජයට ලබාදී තිබුණි.

ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ටාටා සමාගම, 1932දී මෙම ගුවන් සමාගම අරඹා තිබුණි.

නමුත්, 1953දී එය ඉන්දීය මධ්‍යම රජයට පවරා ගැනුණි.

ටාටා සමුහයේ සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් අද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී හමුවී ඇති අතර ඉන් අනතුරුව ගුවන් සමාගම නිල වශයෙන් නැවතත් ටාටා සමූහයට බාර දී තිබේ.