27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙනසුරාදා කොළඹට ජල කප්පාදුවක්

සෙනසුරාදා කොළඹට ජල කප්පාදුවක්

ලබන සෙනසුරාදා (25) කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන අතශවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ පොම්පාගාරය වෙත විදුලිය සැපයීම අත්හිටුවීම මීට හේතුවයි.

ඒ අනුව සෙනසුරාදා පෙරවරු 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලය තුල ජල සැපයුම විසන්ධි කෙරෙනවා.

මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවෙනවා.

මෙම ජල කප්පාදුව හේතුවෙන් අත්‍යවශ්‍ය ජලය කල් තබා රැස්කර ගන්නා ලෙසටයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.