26.7 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදික්වැල්ලෙන් ජීව අත්බෝම්බයක් සමග අයෙක් අල්ලයි

දික්වැල්ලෙන් ජීව අත්බෝම්බයක් සමග අයෙක් අල්ලයි

ඊයේ (27) පස්වරුවේ අළුත්ගොඩ ප්‍රදේශයෙන් විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.

එස්.එෆ්.ජී.වර්ගයට අයත් ජීව අත් බෝම්බයක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර අදාළ සැකකරු වයස අවුරුදු 30ක් වූ නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී ඇත.