27.8 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසැඩ පහරට හසු වූ දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

සැඩ පහරට හසු වූ දරු දෙදෙනාගේ සිරුරු හමුවෙයි

හාලිඇල බෝගොඩ ප්‍රදේශයේ කුලී වැඩට ගිය මව සොයා යාමේදී පිහිල්ලේ දිය කඳුරෙන් එගොඩවීමට ගොස් සැඩ දිය පහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් වූ අයියාගේ සහ නංගිගේ සිරුරු හමු වූ බව හාලිඇල පොලීසිය පවසයි.

නංගිගේ මළසිරුර කිලෝමීටරයක් පමණ දුරකින් පිහිටි දොඩම්ගොල්ල කදුරේ ලී කොටයක සිරවී තිබියදී සොයාගෙන ඇති අතර අයියාගේ මළ සිරුර කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් ඔය පහරේ තිබියදී සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ඊයෙ (23) පාසල් ගොස් නිවසට පැමිණ ඇති මොවුන් දෙදෙනා සවස පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ බියවී කුලී වැඩට ගිය සිය මව සොයාගෙන නිවසට නුදුරින් එගොඩ ගොඩේ නිවසකට යාම සදහා බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට යාමේදී මෙසේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන ගොස් තිබේ.