― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 275ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියල්ලන් දැවී ලකුණු 274ක්.

එහිදී නවසීලන්තය වෙනුවෙන් ෆින් ඇලන් ලකුණු 51ක් රැස්කළ අතර, ඩැරල් මිචෙල් ලකුණු 47ක් රැස් කිරීමට සමත් වුණා.

නවසීලන්තය වෙනුවෙන් අද දිනයේ ජාත්‍යන්තර එක්දින වරම් හිමිකරගත් ඉන්දීය සම්භවයක් ඇති රචින් රවීන්ද්‍ර ලකුණු 49ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කිරීමට දායකත්වය ලබා දුන්නා.

පන්දු යැවීමේ දී සිය එක්දින දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද හැකියාව ලැබුණා.

එහිදී ඔහු පන්දුවාර 09ක් යවා ලකුණු 43කට ප්‍රතිවාදීන්ගේ කඩුලු 04ක් බිඳ දැමීමට සමත් වුණා.

නවසීලන්ත ඉනිමේ දැවීගිය පිතිකරුවන්ගෙන් සියලු දෙනාම උඩපන්දු ලබදී දැවීයාම විශේෂත්වයක්.

මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවට පන්දු 300ක් තුළ හිමිව ඇති ඉලක්කය ලකුණු 275ක්.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන 100 වන එක්දින තරගය මෙය වීම ද විශේෂත්වයක්.

මේ දක්වා පැවති තරග 99න් තරග 41ක් ශ්‍රී ලංකා කණ්ඩායමත් තරග 47ක ජය නවසීලන්ත කණ්ඩායමත් හිමිකරගෙන තිබෙනවා.