― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවට තියෙන අවසන් අවස්ථාව මෙන්න

ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකාවට තියෙන අවසන් අවස්ථාව මෙන්න

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට තවත් එක් අවස්ථාවක් පවතිනවා.

එම අවස්ථාව ගිලිහී ගියහොත් ශ්‍රී ලංකාවට සිදුවන්නේ ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමටයි.

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට නම් නවසීලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙකම ජය ගැනීමට අනිවාර්ය වනවා.

ඊට අමතරව එළඹෙන 31 වනදා දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර ආරම්භවන තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දී නෙදර්ලන්තය එක් තරගයක් ජයගැනීම ද අනිවර්යයි.

ඒ, අනුව ශ්‍රී ලංකාව ඉදිරි තරග දෙක ජයගෙන, නෙදර්ලන්තය ද දකුණු අප්‍රිකාව පරදා එක් තරගයක් ජයගත හොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලැබීමට අවස්ථාව උදාවනවා.

නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට බිංදුවක පූර්ණ තරගාවලි ජයක් හිමිකරගෙන ලෝක කුසලානය සඳහා සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවතියා.

කෙසේ වෙතත් එම අවස්ථාව මඟ හැරී ගියේ අද (25) පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක් අත්වීමත් සමඟයි.