26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිලධාරි පාලනය යටතේ ඇති පළාත් පාලන ආයතන කටයුතු සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

නිලධාරි පාලනය යටතේ ඇති පළාත් පාලන ආයතන කටයුතු සොයා බැලීමට ජනපතිගෙන් කමිටුවක්

දැනට නිලධාරී පාලනය යටතේ පවතින පළාත් පාලන ආයතනවල කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා , මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පළාත් ආණ්ඩුකාරවරුන් හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන් ඇතුළත් ය.

පළාත් පාලන ආයතනවලින් ජනතාවට ඉටු විය යුතු සියලු කාර්යයන් බිඳ වැටීමකින් තොරව අඛණ්ඩව සිදු කිරිමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම මෙම කමිටුව හරහා සිදු කෙරෙන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සඳහන් කළේ.

මේ අතර, දැනට ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින පළාත් සභාවල කටයුතු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.