30.6 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩොලර් 50ක් ගෙවා බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න අවස්ථාවක්

ඩොලර් 50ක් ගෙවා බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න අවස්ථාවක්

අප්‍රේල් මස 29 වැනිදා සිට යාපනය – කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ඒ බව පසුගිය 26 වනදා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් තහවුරු කරනු ලැබූ අතර ඒ අනුව යාපනය කන්කසන්තුරේ සහ ඉන්දියාවේ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන හා විගමන අංශයන් දෙකක් ද පිහිටුවීමට නියමිතය.

මෙම යාත්‍රා සේවයේ ගමන් කිරීමේදී එක් යාත්‍රා ගමන් වාරයකට මගීන් 150කට ගමන් කළ හැකි අතර එක් මගියෙක් සඳහා කිලෝග්‍රෑම් 100ක බරක් රැගෙන යා හැකි වීම විශේෂත්වයකි.

එමෙන්ම අමෙරිකානු ඩොලර් 50ක ටිකට් පතක් මේ සඳහා ගෙවිය යුතුය.