― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

මුදලිගේ නිදහස් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් මස 03 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

ඒ එම අභියාචනය අද (27) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි. එහිදී මහාධිකරණය රෙජිස්ට්‍රාර්වරයා දැනුම් දුන්නේ මහාධිකරණ විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටින හෙයින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 03 වනදා කැඳවන බවයි.

අද පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර වසන්ත මුදලිගේ ද අධිකරණය හමුවේ පෙනී සිටියා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සිටි වසන්ත මුදලිගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සදහන් කරමින් නිදහස් කර තිබුණා.

එසේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ගත් තීරණය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.