27.2 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබීමතින් රිය පැදෙව්වොත් ඉස්සරහට ඇපත් නැති වෙයි

බීමතින් රිය පැදෙව්වොත් ඉස්සරහට ඇපත් නැති වෙයි

බීමත් රියදුරන් සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ පොලිස් ඇප ලබා දීමේ ක්‍රමය අත්හිටුවීමට පොලිසිය තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙතෙක් පොලිස් මූලස්ථානාධිපතිවරුන්ට සහ ස්ථානාධිපතිවරුන්ට බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබා දීම සදහා පැවැති අනුමැතිය අහෝසි වනු ඇත.

රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සියලුම රථවාහන ස්ථානාධිපතිවරුන් කැදවා සිදු කරන ලද වාචික දැනුම්දීමකදී පෙන්වා දී ඇත්තේ අත්අඩංගුවට ගන්නා බීමත් රියැදුරන් හට මින් මතුවට පොලිස් ඇප ලබා නොදී ඍජුවම අධිකරණයට යොමු කිරීමට පියවර ගත යුතු බවකි.

මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාව පැවතුණද එයද මේ වනවිට අත්හිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.