― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

ලංකාව ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලයි

මෙරටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක තාවකාලික ණය පහසුකමක් ලබාගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ඉන්දියාවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, කාර්මික උපකරණ සහ පොහොර ආනයනය කිරීමට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය පහසුකමක් ලබා දී ඇත.

එම ණය මුදල් මෙරටට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට යොදාගෙන ඇති අතර ඒවා ආපසු ගෙවීමටද පියවර ගෙන ඇත. එවැනි පසුබිමක් යටතේ ඉදිරි උත්සව සමය සඳහා ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය ණය පහසුකම් භාවිත කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වේ.

මුදල් අමාත්‍යාංශය දැනටමත් ඉන්දීය රජය සමඟ සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.