― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportවැස්ස නිසා ශ්‍රී ලංකා පිළට ලැබුණු සහනය

වැස්ස නිසා ශ්‍රී ලංකා පිළට ලැබුණු සහනය

2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට තිබූ අවසන් බලාපොරොත්තුව යම්තාක් දුරට තවදුරටත් රඳවා තබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද අවස්ථාව උදා වුණා.

ඒ නවසීලන්තය සමඟ අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමත් සමඟයි.

මෙම තරගයේ කිසිඳු පන්දුවාරයක් නොයවාම අතහැර දැමීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර ඒ අනුව කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු 05 බැඟින් හිමි වුණා. ඒ අනුව එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ මෙතෙක් 10 වන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාවට 09 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අවස්ථාව අද හිමිවීම විශේෂත්වයක්.

මේ අතර නවසීලන්ත කණ්ඩායමට ද අද හිමි වූ ප්‍රසාද ලකුණු පහත් සමඟ ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්දින ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට නම් නවසීලන්තය සමඟ තුන්වන එක්දින තරගය ජය ගැනීම අනිවාර්ය වනවා. ඊට අමතරව දකුණු අප්‍රිකාව සහ නෙදර්ලන්තය අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ එක් තරගයක් නෙදර්ලන්තය ජග ගන්නා තෙක් බලා සිටීමට ද ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් අද තරගය පවත්වා එම තරගයෙන් ශ්‍රී ලංකාවට යම්හෙයකින් පරාජයට පත්වීමට සිදුවූවා නම් ලෝක කුසලානයට සෘජුවම සුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථාව ගිලිහී යාමද විශේෂත්වයක්.