― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsතෙල් බෙදාහැරීම හමුදාව යටතට

තෙල් බෙදාහැරීම හමුදාව යටතට

හමුදා ඇතුළු ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාව ඛනිජතෙල් නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම සිදුකිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා තිබෙනවා.

ඊයේ රාත්‍රී සිට ඉන්ධන බෙදාහැරීම අඛන්ඩව සිදුකළ බවයි තෙල් සංස්ථාව පවසන්නේ. නිමාවෙන් පිටත්ව යන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

ඛනිජතෙල් තොග ගබඩා සංකීර්ණවලින් තෙල් නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති, ඊයේ (28) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය දැක්වීම එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව ඔවුන් පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා තෙල් සංස්ථා සේවකයින්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අද දිනයේදී ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු පැවසුවා.