26.7 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත කෙරේ

අති උත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ දින කිහිපයකට රෝහල්ගත කිරීමට සිදුවනු ඇති බව වතිකානය පවසනවා.

86 හැවිරිදි පාප් වහන්සේ පසුගිය දිනවල හුස්ම ගැනීමේ අපහසුතාවකට පත්ව ඇති අතර එය කොවිඩ් තත්ත්වයක් නොවන බව අනාවරණය වුණා.

ඔහුගේ ආරක්‍ෂාවට සමීපතම කාර්ය මණ්ඩලයක් රෝමයේ රෝහලේ රැඳී සිටීමට නියමිත බව ද වතිකානය පැවසුවා. පාස්කු සති අන්තයට පෙර ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බොහෝ කාර්යබහුල වන බවත් ඔහුගේ නිරෝගී තත්ත්වය ඊට බෙහෙවින් බලපාන බවත් වතිකානය පවසනවා.

මෙම සති අන්තයේ ඉරිදා දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර, ලබන සතියේ ශුද්ධ වූ සතිය සහ පාස්කු උත්සවය පැවැත්වීමට නියමිතයි.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අප්‍රේල් මස අගදී හංගේරියාවේ සංචාරය කිරීමට ද නියමිතව තිබෙනවා.