එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) කොළඹ ගාලු මුවදොර හෝටලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් “ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට” මැයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පැවැත්වූ සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන බවත් රජයේ ඉලක්කය මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම බවත් අවධාරණය කළේය.