බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු 8% කින් අඩු කර ඇත.
ඉන්ධන ගාස්තු පහළ දැමීමත් සමඟ මෙලෙස සිය සේවා ගාස්තු අඩු කිරීමට තීරණය කළ බවයි සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේ.