30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

පකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

සහල්, සිමෙන්ති සහ ඖෂධ ආනයනය සඳහා පකිස්ථානයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා ගැනීමට සුදානම් වන බව වාර්තා වේ.

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ පකිස්ථාන සංචාරය අතරතුර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අදාළ භාණ්ඩ ආනයනය කිරීම් වෙළද අමාත්‍යංශ හරහා සිදුකිරීමට නියමිතය.

ඊට අදාළ ගිවිසුම් කෙටුම්පත මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කිරීමට නියමිතය. පකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම යටතේ පකිස්ථානය සතුව අමෙරිකා ඩොලර් මිලියන 500ක ද්‍රව්‍ය අපනයනය කිරීමේ හැකියාව පවතී.