28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවදානම් කාණ්ඩයෙන් ලක්ෂ 10ක් බූස්ටර් එන්නත අරගෙන නෑ

අවදානම් කාණ්ඩයෙන් ලක්ෂ 10ක් බූස්ටර් එන්නත අරගෙන නෑ

මෙරට අවදානම් කාණ්ඩය ලෙස සැලකෙන වයස්ගත සහ විවිධ නිධන්ගත රෝගාබාධ ඇති පුද්ගලයන් ලක්ෂ 10ක් පමණ මෙතෙක් බූස්ටර් එන්නත ගෙන නැති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

පවතින තත්ත්වය පිළිබදව නිසි අ‍වබෝධයෙන් කටයුතු කරන ලෙසත් කොරෝනා වැඩිවීම සැලකිල්ලට ගෙන වහා බූස්ටර් එන්නත ගැනීමට යොමු වන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලයි.

ඔමික්‍රොන් ප්‍රභේදය සීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින බැවින් වහා එන්නත ලබා ගැනීමට තම අසල්වැසියා, ඥාතියා යොමු කරවන ලෙස මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ජනතාවගෙන් ඉල්ලයි. පෙර සතියට වඩා ගෙවුණු සතිය තුළ කොරෝනා රෝගීන්ගේ සියයට 20ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් රෝගය ආසාදනය වුවද එහි හානිය අවම කර ගැනීමට බූස්ටර් එන්නත සඳහා යොමු වන ලෙසත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

එළැඹෙන දීර්ඝ සති අන්තයේ විනෝද ගමන් වැනි චාරිකා සඳහා යොමු වුහහොත් මේ තත්ත්වය වර්ධනය විය හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.