30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහල් නිවාසයෙන් ඇද වැටී මියගිය සිසුවා කොවිඩ් ආසාදිතයෙක්

මහල් නිවාසයෙන් ඇද වැටී මියගිය සිසුවා කොවිඩ් ආසාදිතයෙක්

පසුගිය 28 වැනිදා සවස බම්බලපිටිය ක්‍රෙසන්ට් පටුමගේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක 8 වැනි මහලින් වැටී ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු මියයාමේ සිද්ධියක් වාර්තා විය.

ධනවත් ව්‍යාපාරික පවුලක එකම දරුවා වූ ‘රාජා අභිලාෂ්’ නමැති මෙම සිසුවා සිද්ධිය වූ දිනයේ පාසල් ඇරී නිවාස සංකීර්ණය වෙත එන අයුරු හා ටික වේලාවකට පසු ඉහළ මහළින් පහළට වැටෙන අයුරු සීසීටීවී දර්ශන ඔස්සේ අප කවුරුත් රෑපවාහිනියෙන් දුටුවා.
එම සිසුවාගේ නිවාස ඒකකය 5 වන මහළේ පිහිටා ඇති අතර පස්වරු 3.00ට පමණ ඔහු ත්‍රිරෝද රථයකින් පාසල් ඇරී නිවසට එන වස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැත.

ඒ අනුව ඔහු 8 වන මහළ දක්වා තවත් මහළ් 3 ක් ඉහළට ගමන් කර ඇත. ඉන් ටික වේආවකට පසුව ඔහු නිවාස සංකීර්ණයෙන් පහළට වැටෙන ආකාරය සීසීටීවී කැමරාවල සටහන් වී ඇත. ඔහු හිතාමතා බිමට පැන්නාද? නැතිනම් කිසිවෙකු ඔහු තල්ලු කළාද? යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය විසින් සිදුකරයි.

කෙසේවෙතත් බම්බලපිටිය පොලීසිය පවසන්නේ නිවාස සංකීර්ණයේ මහල් හතක නිවාස තිබී ඇති බවත් 8 වැන්න හිස්ව තිබී ඇති බවත්ය. සිසුවා විදුලි සෝපානයට නැගී ඉහළට ගමන් ගන්නා අයුරු සීසීටීවී කැමරාවල පටිගත වී ඇති අතර ඉහළට ගොස් ඉතා කෙටි කාලයකින් ඔහු බිමට වැටෙන අයුරුද සීසීටීවී කැමරාවල පටිගත වී තිබේ.

නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් අදාළ සිද්ධිය පොලීසියට හා ඔහුගේ පියාට දැනුම් දී අවශ්‍ය පියවර ගෙන ඇති අතර සිසුවා කොළඹ ජාතික රෝහලට රැගෙන ගියද අධික ලේ වහනය මත සුලු මොහොතකින් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ සීසීටීවී කැමරා සවි කර නොමැති නිසා සිසුවා ඉහළ තට්ටුවේදී කවර ආකාරයෙන් හැසිරුණේද යන්න සාක්ෂි නොමැති බව පොලිසිය අවධාරණය කරයි.

සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන අනතුරුව සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබේ.