― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන දැනුම්දීමක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව එම පාසල්වල 02 ශ්‍රේණියේ සිට 04 වන ශ්‍රේණිය සහ 07 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී ජාතික පාසල් දැනුම්වත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් අප්‍රේල් මස 21 දිනෙන් පසුව සිදුකරන බවයි.

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බව ද අදාළ නිවේදනයේ සඳහන්.