සබන් කුඩු ඇසුරුම් තහනම් කිරීම කෙරෙහි රජයේ සහ පරිසර අංශවල අවධානය යොමුවී තිබේ.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ පවසන්නේ ග්‍රෑම් 20 සහ මිලි ලීටර් 20 ප්‍රමාණයේ සබන් කුඩු, සබන් දියර ඇසුරුම් භාවිතය තහනම් වූවත් ග්‍රෑම් 250, 500 සහ කිලෝවේ ඇසුරුම් නිසා පරිසරයට විශාල බලපෑමක් සිදුවන බවයි.
මේ නිසා එක් වරක් පමණක් භාවිත කළ හැකි මෙම පොලිතින් වර්ග භාවිතය අවම කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සොයාබලන බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.


