30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි මිලට එන්නත් ලබාගැනීම ගැන රජයට චෝදනාවක්

වැඩි මිලට එන්නත් ලබාගැනීම ගැන රජයට චෝදනාවක්

රුපියල් හත්දහසකට මිලදී ගත හැකි ප්‍රතිදේහ එන්නතක් රුපියල් හැත්තෑ හත්දහසකටත්, රුපියල් දෙසීයකට ඇති ප්‍රතිජීවක ඖෂධයක් රුපියල් දෙදහස් දෙසීයකටත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ ‘ගැන්සයික්ලෝවියන්’ නමැති ප්‍රති වයිරස එන්නත හා ‘ලිනොසොලිඩ්’ නමැති ප්‍රතිජීවකය මෙලෙස වැඩි මිලකට මිලදී ගැනීමට රජය සූදානම් වන බවයි.

මෙම ඖෂධ මිලදී ගැනීමට සූදානම් වනුයේ ආසියානු සංවර්ධන අරමුදල හරහා වන බවයි හෙතෙම එහිදී අවධාරණය කළේ.