28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාගානන්දගේ උසස් පෙළ අත්හිටුවීමේ පෙත්සම හෙට සලකා බැලේ

නාගානන්දගේ උසස් පෙළ අත්හිටුවීමේ පෙත්සම හෙට සලකා බැලේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කාලසටහන අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු විසින් අභියාචනාධිකරණය වෙත ගොනු කරනු ලැබූ පෙත්සම හෙට (01) සලකා බැලීමට නියමිතය.

ලබන පෙබරවාරි 07 වැනිදා අපොස උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර කොරෝනා හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා දැමිණි.

එම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදු වූ අතර විෂය නිර්දේශ පවා නිසි පරිදි සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ බව එම පෙත්සම මගින් නාගානන්ද කොඩිතුවක්කු පෙන්වා දී ඇත. එබැවින් අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමට සඳහා සිසුන්ට තවත් සති 20ක කාලයක් ලබා දිය යුතු බවට ජාතික අධ්‍යාපන ආයතනය මඟින්ද රජය වෙත නිර්දේශ ඉදිරිපත් කර තිබුණද එම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශය සහ අමාත්‍යංශ ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේපකර ඇති බවද පෙත්සම මගින් පෙන්වා දී තිබේ.