29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා

ආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අද (31) හොරොව්පොතාන ගලෙන්බිදුනුවැවදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති ගොවි උද්ඝෝෂණයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේද කීය.

“මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනයටත් හාල් දෙයි කියලයි මිනිස්සු හිතුවේ. මැතිවරණයට කලින් ගහපු කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියලයි අපි හිතුවේ.

සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. ඒත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි. ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්වීම උපහාසයට කරුණක්.”