2024 සිංහල දෙමළ අලුත් අවුරුද්ද දක්වා ප්‍රමාණවත් තරම් ගෑස් සංචිත පවතින බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ගෝලීය ඉන්ධන මිලෙහි උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් නිසි කළමනාකරණයක් සහ පාරිභෝගික ලාභය උපරිම කිරීමට සමාගමේ කැපවීමද අවශ්‍ය බවයි.