27 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතරුණියක් දූෂණය කළැයි මේසන් ග්‍රීන්වුඩ් අත්අඩංගුවට

තරුණියක් දූෂණය කළැයි මේසන් ග්‍රීන්වුඩ් අත්අඩංගුවට

එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් වන මේසන් ග්‍රීන්වුඩ් කාන්තා හිංසනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මේසන් ග්‍රීන්වුඩ් විසින් තරුණියක්ව දූෂණය කර ඇයට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. අදාළ තරුණිය විසින් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති අතර ඒ හේතුවෙන් ග්‍රීන්වුඩ්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබේ.

ඔහු එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර එම ක්‍රීඩා සමාජය පැවසුවේ අදාළ ක්‍රීඩකයා නැවත දැනුම්දෙන තුරු කණ්ඩායමට එක්නොවන බවයි.