30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමෘද්ධි බැංකු සේවකයින් අද ලෙඩ වෙයි

සමෘද්ධි බැංකු සේවකයින් අද ලෙඩ වෙයි

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි.

සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ සඳහන් කළේ.

සිය වර්ජනය සඳහා තවත් සංගම් කිහිපයක් ද සහය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් ආර්ථිකමය වශයෙන් රට අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක මෙවැනි වර්ජන ක්‍රියාත්මක කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පැවසීය.