29 C
Colombo
Tuesday, April 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබල්ලෝ මරලා හරි සල්ලි හොයමු - මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රථිපත්තිය

බල්ලෝ මරලා හරි සල්ලි හොයමු – මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රථිපත්තිය

බල්ලෝ මරලා හරි සල්ලි හොයමු කියන ප්‍රථිපත්තියක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේඅධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 31 දින පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ජනවාරි මාසේ 7වැනිදා දින ඇතිව විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් ගැසට් කරලා තියෙනවා..
 ඉරිදා දිවයින පුවත්පතට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබා දීලා තියෙනවා සම්මුඛ සාකච්ඡාවක්. ඒකෙදි මාධ්‍යවේදියා ප්‍රශ්නයක් විදියට අහනවා අපේ රටේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් විදේශ විනිමය හිඟයක් පිළිබඳ ප්‍රශ්නයක් ඇවිල්ල තියනවා, ඒකට මොකද කරන්නේ කියලා.
 ආරම්භයේ දීම බැසිල් රාජපක්ෂ මහත්තයා උත්තර දෙන්නෙ අපේ රටේ මුදල් අමාත්‍යවරයා විදිහට මට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අපේ රටේ විදේශ මුදල් හිඟය, අනික දේශීය මුදල් හිඟය
 එහෙම කියලා පටන් ගන්නේ, දේශීය මුදල් හිඟයට විසඳුමක් හොයන්න ද මේ පනත් කෙටුම්පත ගෙනාවේ කියලා අපි සොයා බැලිය යුතුව තියෙනවා.
 මේ පුවත්පත් සාකච්ඡාවේ අවසාන හරියේදී මාධ්‍යවේදියා දිගින් දිගටම විමසීමක් කරනවා, මේ වෙද්දි ඩොලර් සඳහා ගෙවන මුදල පොදු වශයෙන් අඩු වීමත් සමග උණ්ඩියල් ක්‍රමයට ලංකාව ඇතුලට මුදල් එවමින් තියෙනවා ඒකට මොකද කරන්නේ කියලා.
 කළු කඩයක් විවෘත වීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා කියනවා. බල්ලෝ මරලා හරි සල්ලි හොයල ඉන්න ටිකේ ජොලියේ ඉමු සුදෝ කියලා තමයි ඒ දවස්වල බයිලා වල කිව්වේ.
 ඒක තමයි මේ එමින් තියෙන්නෙ. මුදල් අමාත්‍යවරයා රටක් විදියට කියනවා බල්ලෝ මරලා හරි සල්ලි හොයමු.
 විදේශ විනිමය සම්බන්ධව බල්ලෝ මරලා හරි සල්ලි හොයමු කියන  අන්න ඒ දැක්ම ම තමයි ඉදිරිපත් වෙමින් තියෙන්නෙ මෙන්න මේ පනත් කෙටුම්පත හරහා.
 මේ පනත් කෙටුම්පතේ සමස්ත රාජ්‍ය වියදමෙන් සියයට විසි තුනක් ආවරණය කර ගන්න භාණ්ඩ හා සේවා පහක් සම්බන්ධ බදු එකතු කිරීමේ සහ පරිපාලනය කිරීමේ බලය මෙතෙක් ඒ බදු එකතු කිරීමේ සහ පරිපාලනය කිරීමේ බලය තිබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා විශේෂ ඒකක ය කට පවරනවා.

 ඒ කියන්නේ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් කෙනකුගේ නියෝජිතත් වයෙන් පවතින ඇමතිවරයාට ඕන ඕන විදියට රූකඩයක් ලෙස හසුරුවන්න පුළුවන් ඒකකයක්.
 ඒ බදු මුදල් රාජ්‍ය බදු ආදායමෙන් හතරෙන් එකකට සමාන මුදල් ඒකාබද්ධ අරමුදලකට බැර කරන්නේ නැතිව  නිලධාරියෙකුගේ පෞද්ගලික ගිණුමකට බැර කරන්න මේ පනතින් බලතල ලබා දීලා තියෙනවා.
 බදු පැනවීමේ බලය පාර්ලිමේන්තුවෙන් පවා උදුරා ගෙන ඇමතිවරයා සතු කරගෙන තියෙනවා.

මෙන්න මේ නිශ්චිත භාණ්ඩ හා සේවා ආනයනයට මැදිහත්වන සමාගම් වල තමන් කැමති සමාගම් ඉතුරු කරලා අනිත් ඒව විනාශ කරලා දාන්න පුළුවන් ප්‍රතිපත්තියක් නීතියක් ලෙස සම්මත කරමින් තියෙනවා.
 තමන්ගේ යාළු මිත්‍රයන් ව තමන්ට හිතෛෂිවන්ත යන්ව ඒකාධිකාර බවට පත් කරලා  ඉතුරු සුලු නිෂ්පාදකයන් සහ තරග කාරි නිෂ්පාදකයන් ආනයනකරුවන් විනාශ කරන්න ප්‍රතිපාදන හදලා.

කෙටියෙන් කිව්වොත් එහෙම තමන්ගේ ගෝල බාලයෝ ටිකක් තමන්ගෙ හෙංචයියෝ ටිකක් එකතු කරලා හදනවා පොදු රාජ්‍ය ව්‍යුහයට එහායින් ගිය ආයතනයක්.

මේ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත පරාජය කළ යුතුයි. මේක පරාජය කිරීම සඳහා පාරලිමේන්තුව මත විශ්වාසය තියලා වැඩක් නැහැ.
 අධිකරණ ක්‍රියාමාර්ගයකට ගියාට මේක නවත්තන්න පුළුවන් ද කියන ප්‍රශ්නය එනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තැන් තියෙනවා. අධිකරනයෙන් දෙන්න ඉඩ තියෙන තීන්දුව තියෙන්නෙ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය කින් තමයි මේක සම්මත කරන්න ඕන කියලා.
 එහෙම කිව්වොත් ආණ්ඩුවට තුනෙන් දෙක තියෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු කෙරවළපිටිය ගිවිසුම ගැන කියද්දී කිව්වේ මං ඒක කියවන්නෙ නැතිව තමයි අත  ඉස්සුවෙ කියලා.
 ඉතුරු කට්ටියත් ඔක්කොම කියවන්නේ නැ තුව තමයි අත උස්සන්නේ.
 මෙවැනි දේවල් නවත්තන්න මොකක්ද කළ හැකිව තියෙන්නෙ. මේකට එරෙහිව දැවැන්ත මහජන පෙළගැස්මක් හදාගන්න ඕනේ. ජනතාවගේ මැදිහත්වීමක් පුළුල්      මහජන ව්‍යාපාරයකට විතරයි මේක පරාජය කරන්න පුළුවන්.