31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකෝටි 9ක හෂීස් සමඟ විදේශිකයන් 03ක් අත්අඩංගුවට

කෝටි 9ක හෂීස් සමඟ විදේශිකයන් 03ක් අත්අඩංගුවට

තලෙයිමන්නාරම – වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී රුපියල් කෝටි නවයකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 92ක් සමඟ විදේශිකයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් තුන්දෙනා අවුරුදු 36, 41 සහ 52 යන වයස්වල පසුවන්නන් බවයි පොලීසිය පවසන්නේ.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණ නාවිකයින් යොදවා සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී සැකකටයුතු විදේශීය යාත්‍රාවක් නිරීක්ෂණය වී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී එහි තිබී උර 03 ක් තුළ පාර්සල් 95 ක අසුරන ලද හෂීස් කිලෝග්‍රෑම් 92 ක තොගයක් සොයාගෙන තිබේ.