ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන්න තීරණය ලබන 24 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා අද ප්රකාශයට පත් කළා.
අපරාධ නඩු විධාන සංග්රහයේ 32 වන වගන්තිය යටතේ ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස පැමිණිලිකාර පාර්ශවය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ.