― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපරිවර්තනීය අධ්‍යාපන වෙනසක් සිදු නොවුණහොත් ඉදිරියේ දී අප බිහි කරන මානව සම්පතින්...

පරිවර්තනීය අධ්‍යාපන වෙනසක් සිදු නොවුණහොත් ඉදිරියේ දී අප බිහි කරන මානව සම්පතින් රටටත් ලෝකයටත් පලක් නැත

පාසල් ඇතුළු අධ්‍යපන ක්ෂේත්‍රය තුළ සාධනීය පරිවර්තනයක් සිදු කර ඒ ඔස්සේ වෘත්තීය නිපුණතා සහිත දරු පරපුරක් බිහි නොකළහොත් ඉදිරියේ දී අධ්‍යාපන පද්ධතියෙන් බිහි කරන දරු පරපුරෙන් රටට හෝ ලෝකයට ඵලදායක මෙහෙවරක් ඉටු නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යා, කලාව හා ගණිතය යන විෂයන් සම්බන්ධ න්‍යායාත්මක දැනුම පන්ති කාමර හා විද්‍යාගාරවල දී මෙන් ම ඉන් පිටත දී මොඩ්‍යුලර් සහ ප්‍රායෝගික අද්දැකීම් ඔස්සේ නිපුණතා පාදක ව ලබා දෙන ස්ටීම් අධ්‍යාපන සංකල්පය ඔස්සේ ඉදිරියේ දී පාසල් ඇතුළු මෙරට අධ්‍යාපන පද්ධතියෙන් සමාජගත වන දරුවන් වෘත්තීය අධ්‍යාපනයෙන් ද සන්නද්ධ කරන බවත් ඊට අඩිතාලම දමමින් පසුගිය දා කොළඹ රාජකීය විද්‍යාලයේ දී සියලු පළාත් සම්බන්ධීකරණයෙන් එහි මූලික අදියර ආරම්භ කළ බවත් ඒ මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

මේ සඳහා විරෝධතා දක්වන්නේ ඊට අනුගත විය නොහැකි පිරිස් බව ද එම අභියෝග ජයගනිමින් ඉදිරියට යා යුතු බව ද කී අමාත්‍යවරයා මේ වන විට සියලු ම එක ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව කථන භාවිතයෙන් ආරම්භ කර ඇති බවත් ‘බ්‍රිටිෂ් කවුන්සිල්’ වැනි ආයතන හා එක් ව ක්‍රමානුකූල ව ඉදිරියට යමින් ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට සමගාමී ව රජයේ පාසල්වල දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ නංවන බවත් පැවසී ය. ඒ ඔස්සේ ව විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ සිට ප්‍රියජනක සුහුරු පන්ති කාමරයක් තුළ ප්‍රායෝගික අධ්‍යාපනයක් දක්වා අධ්‍යාපනය විතැන් වන බව ද හෙතෙම සඳහන් කළේ ය.

අමාත්‍යවරයා මේ තොරතුරු පැවසුවේ,ශ්‍රී ලංකා ස්කිල්ස් -එක්ස්පෝ 2023’ (‘Sri Lanka Skills Expo 2023’) නමින් 2023 මැයි මස 12, 13 සහ 14 දිනයන්හි කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත නිපුණතා ප්‍රදර්ශනය පිළිබඳ පූර්ව මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. මෙරට දී මෙවැනි නිපුණතා ප්‍රදර්ශනයක් සංවිධානය කරනු ලබන්නේ පළමු වරට වන අතර එය දෙස් විදෙස් විවිධ සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය මත පැවැත්වේ.

මෙහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, හැත්තෑ පස් වසරක නිදහස් අධ්‍යාපන ඉතිහාසයේ සාම්ප්‍රදායික විභාග කේන්ද්‍ර ඇගයීම් ක්‍රමය තුළ ක්ෂේත්‍ර කිහිපයක හැර තව මත් වෘත්තීය නිපුණතා ලබා ගත හැකි වන්නේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ඉවත් වීමෙන් පසු ව බවත් දියුණු රටවල තත්වය ඊට හාත්පසින් ම වෙනස් බවත් පැවසී ය. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ හරිත සරසවිය (NSBM – GREEN UNIVERSITY) 92%ක ප්‍රතිශතයකින් සිසු වෘත්තීය නිපුණතා වර්ධනය කරමින් මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ජයග්‍රහණය කර ඇති බවත් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියත් ඊට සමාන්තර ව වෘත්තීය අධ්‍යාපනයට නැඹුරු කිරීම අධ්‍යාපන පරිවර්තනය තුළ ඉදිරියේ දී සිදු වන බවත් පැවසී ය. ලක්ෂ 12කට අධික විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ නැංවීමට මෙම නිපුණතා පාදක අධ්‍යාපනය අතිශයින් වැදගත් වන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය.