27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොබවකදී නිධන් හෑරූ 04කට වැඩ වරදී

කොබවකදී නිධන් හෑරූ 04කට වැඩ වරදී

බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිධන් ගැනීමේ අදහසින් කැණීම් සිදු කරමින් සිටි සිව් දෙනෙකු කැණීම් උපකරණ සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ.

පොලිසිය භාරයට ගත් ද්‍රව්‍ය අතර අගල් 08 ක් දිග පුපුරණ ද්‍රව්‍ය අඩංගු ජෙල් ටියුබ්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 150 ක්, සේවා නූල් වනවා.

සැකකරුවන් අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.