26.7 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඊශ්‍රායලයෙන් ලෙබනනයට පහර පිට පහර

ඊශ්‍රායලයෙන් ලෙබනනයට පහර පිට පහර

ඊශ්‍රායල හමුදාව විසින් අද (07) අළුයම ලෙබනනය සහ ගාසා තීරයේ ස්ථාන කිහිපයකට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගියදා ජෙරුසලමේ අල් – අක්සා පල්ලියේ සිදු කරන ලද වැටලීමකට ප්‍රතිචාරයක් වශයෙන් ඊශ්‍රායල හමුදා විසින් පලිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය දියත් කරන්නට ඇතැයි හමාස් සටන්කාමීන් පවසයි.

හමාස් පාලනය යටතේ පවතින ගාසා හි දකුණු තීරයේ උමං මාර්ග හා ආයුධ නිශ්පාදනය කරන ස්ථාන දහයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය දියත් කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායල හමුදා විසින් අළුයම හතරට පමණ දකුණු ලෙබනනයේ ටයර් නගරයට ආසන්නයේ පවතින ඉලක්ක තුනකට දැඩි ප්‍රහාරයක් දියත් කර තිබේ.

ටයර් නගරය වෙත සියොන්වාදීන් එල්ල කල මෙම ප්‍රහාරය තමන් දැඩි සේ හෙලා දකින බවයි හමාස් සටන්කාමීන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.