ගැහැනු ළමුන්ගේ විවාහ වීමේ අවම වයස 21 හෝ 25 කිරීමට වෛද්‍ය මරීනා රිෆායි විසින් යෝජනා කර තිබේ.
ගැහැණු දරුවකු විවාහ වීමේ වයස සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාන්තාවක් විවාහ වීමේ අවම වයස අවුරුදු 21 විය යුතු බව ප්‍රකාශ කළ යුතු බව එක් රටක් එක් නීතියක කාර්ය සාධක බළකායේ වෛද්‍ය මරීනා රිෆායි ප්‍රකාශ කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍යවේදිනී සුහා කාසිම් සඳහන් කර සිටියේ කාන්තාවකගේ විවාහ වීමේ වයස අවුරුදු 25ක් පමණ විය යුතු බවයි. ජාති ආගම් බේදයකින් තොරව දරුවන් උසස් අධ්‍යාපනය සදහා යොමු කිරීමට සියලු දෙනා උනන්දු විය යුතු බව මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙයි.
එහිදී ‘කාති උසවි ක්‍රමය’ සම්බන්ධයෙන්ද විශේෂ කරුණු දැක්වීමක් සිදු කරනු ලැබූ අතර මුස්ලිම් ජනතාවගේ ආගමික අයිතීන්ට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ඕව්හු කාති ක්‍රමයේ අඩුපාඩු ඇති බවත් ඒවා වහා සංශෝධනයට ලක් විය යුතු බවත් පැවසූහ. විශේෂයෙන් කාතිවරුන් වීමට සුදුසුකම් නොමැති අයවලුන් එම තනතුරට පත් කිරීම මෙම ගැටලුවට හේතුවක් බව ඔවුන් අවධාරණය කළහ.