― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62ක්

ඉන්දියාවේ අයාලේ යන සුනඛයින් මිලියන 62ක්

ජලභීතිකා රෝගයෙන් ලෝකයේ මියයන පිරිසෙන් 36%ක් ඉන්දියානුවන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඉන්දියාව තුළ අයාලේ යන සුනඛයින් මිලියන 62 ක් සිටින බවටයි ගණන් බලා තිබෙන්නේ.

සුනඛ ඝාතනය ඉන්දියාවේ තහනම් කර ඇති අතර ඒ සමග අයාලේ යන සුනඛයින්ගේ සපා කෑම්ද ඉහළ ගොස් එය සමාජ ගැටළුවක් බවට පත්වෙලා.

මෑතකදී හයිද්‍රාබාත් හි සුනඛ රැලකට මැදිවූ සිව් හැවිරිදි දරුවෙකු එම සුනඛයින් සපාකෑමෙන් මිය ගියා.

අයාලේ යන සුනඛයින් අල්ලා ජල භීතිකා එන්නත් ලබාදී නැවත එම සුනඛයින් මුදා හැරීමට ඉන්දියාව 2001 වසරේ නීතියක් බලාත්මක කළා.