― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඑක්සත් ජනපදයේ ඉලෙක්ට්‍රික් වාහනවලට ඇති ඉල්ලුම වැඩිවෙයි

එක්සත් ජනපදයේ ඉලෙක්ට්‍රික් වාහනවලට ඇති ඉල්ලුම වැඩිවෙයි

2023 පළමු මාස තුන තුළ එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහනවල අලෙවිය 32% කින් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණ වාර්තා අනුව හෙළි වී තිබේ.

එක්සත් ජනපදයේ පාවිච්චි කරන ලද ඉලෙක්ට්‍රික් වාහනවල මිල සැලකියුතු ලෙස පහළ බැසීම මෙයට හේතු වී ඇති බවයිCox Automotiv නැමති සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ.

ප්‍රමුඛ පෙළේ මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Tesla සමාගම විසින් ඔවුන්ගේ නව වාහන මිල ගණන් පහළ හෙළීම මෙයට ප්‍රධානතම හේතුව වී ඇත.

ඒ අනුව එක්සත් ජනපදයේ රථ වාහන ලැයිස්තුගත කිරීම් අනුව මේ වන විට භාවිතා කරන ලද ඉලෙක්ට්‍රික් වාහනයක සාමාන්‍ය මිල ඩොලර් 43,400ක් පමණ අගයක පවතින බව සඳහන් වේ.