― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsයුවළක් බියගන්වා කොස්තාපල් පෙම්වතියට හදි කරලා

යුවළක් බියගන්වා කොස්තාපල් පෙම්වතියට හදි කරලා

සිය පෙම්වතා සමග සමනල වැව නැරඹීමට පැමිණි තරුණියක් බියගන්වා ඇය කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් ඇයට අතරවර කළ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සමනලවැව ප්‍රදේශයට යාබද ප්‍රදේශයක පදිංචි 18 හැවිරිදි තරුණියක් සිය පෙම්වතා සමඟ පසුගිය 08 වැනිදා සමනලවැව ඉස්මත්තට පැමිණ තිබුණි.

එහිදී යතුරුපැදියකින් පැමිණි පොලිස් නිලධාරියෙකු පෙම්වතා සන්තකයේ මත්ද්‍රව්‍ය ඇතැයි කියමින් ඔහුගේ සාක්කු සහ මුදල් පසුම්බිය ආදිය පරීක්ෂාවට ලක්කර ඇත.

අනතුරුව පෙම්වතා‌ගේ එක් අතකට මාංචු දමා මාංචුවේ අතින් කොටස යතුරුපැදියේ සවිකර තරුණියව බලහත්කාරයෙන් කැලෑ ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම ප්‍රදේශයේ සිටි පුද්ගලයෙකු මේ පිළිබඳ සමනලවැව පොලීසියට දැනුම් දී ඇති අතර කඩිනමින් පොලීසිය එම ස්ථානයට පැමිණ තිබේ. ඒ වනවිටත් පොලිස් කොස්තාපල්වරයා තරුණිය නිරුවත් කර සිටි බව ද වාර්තා වේ.

පොලිස් කොස්තාපල්වරයා එම අවස්ථාවේ දී අත්අඩංගුවට පත්ව ඇති අතර ඔහු මොනරාගල කොට්ඨාසයේ හම්බෙගමුව පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණය වී තිබේ.

පසුගිය 08 වැනිදා සමනල වැව පොලීසිය විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා ඊයේ බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මේ අතර සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කෙරුණු බවත් ඔහුට එරෙහිව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බවද පොලීසිය සඳහන් කළේය.