32 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමේ වසරේ රිය අනතුරු නිසා ජීවිත 564ක් බිලිවෙයි

මේ වසරේ රිය අනතුරු නිසා ජීවිත 564ක් බිලිවෙයි

මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 08 වැනිදා දක්වා කාලය තුළ රිය අනතුරු 534ක් සිදුව ඇති අතර පුද්ගලයින් 564 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

එම කාලය තුළ දී සිදුවූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා 1,345ක් හා සුළු තුවාල ලබා 2,446ක් රෝහල් ගත කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය දින පහ තුළ මාරක රිය අනතුරු 21ක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයන් 25දෙනෙකු මියගොස් ඇති බව ඔහු අවධාරණය කළේය.