27 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඉන්දියාව තුළ යළිත් කොවිඩ් බියක්

ඉන්දියාව තුළ යළිත් කොවිඩ් බියක්

ඉන්දියාව තුළ නැවත වතාවක් කොවිඩ් බියක් පැතිරෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ හේතුවෙන් එරට රෝහල්වල සූදානම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා අත්හදාබැලීම් සිදුකරනු ලබන අතර අද සහ හෙට රට පුරා එම වැඩසටහන් ක්‍රියාත්මකය.

මේ වනවිට ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් 35,000ක් පමණ හඳුනාගෙන ඇති අතර ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 6,000ක් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන XBB.1.16 මගින් මෙම ආසාදිත ව්‍යාප්තිය සිදුවී ඇති බව එරට බලධාරීන් පවසයි.