මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් අද (11) උදෑසන 10ට රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
අප්‍රේල් මස 25 වනදා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට හැකිද? නොහැකිද? යන්න එම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍යවරයා සමඟ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඊයේ සාකච්ඡාවක නිරත වූ අතර එහිදී සාකච්ඡා වූ කරුණුද සැලකිල්ලට ගනිමින් එම තීරණය ගැනීමට නියමිතයි.